මම හොඳාකාරවම දන්නව මගේ කතාවලට සමහරු මාර ලව් වගේම, සමහරුන්ට තරහයි. සමහරුන්ට මධ්‍යස්තයි. සහ ඒ වගේම තව කොට්ටාසයක් ඉන්නවා සිංදු අහන, පොත් කියවන, චිත්‍රපට බලන කලාව දන්න අනවශ්‍ය විදියට ජීව්තෙ සිරියස් නැති මීනිස්සු එක්තරා විදියකට ඔවුන් මගේ කතා විඳිනවා. නමුත් මුලිකවම තෙරුම් ගන්න කතාවක් කියන්නෙ ඒක කතාවක් කියන එක, ඔයාල චිත්‍රපටි හරි නැත්තන් ඔය හොරෙන් හොරෙන් බලන නිල් හො අසැබි හො වරිගයෙ විඩියො වැල ඕවා ඔයාල පරම ඇත්ත විදියට ගන්නෙ නැනෙ නෙද? ආන්න ඒ මූලධර්මය මුලින්ම තෙරුම් ගන්න.
අපෙ ශ්‍රී ලංකා සමාජය ගැන මට පුද්ගලිකව තියෙන්නෙ අනුකම්පාවක් සහ දුකක්. අපි මිනිස්සු ව්දියට අපිවම යටපත් කරගන ඉන්නෙ. අපෙ සමාජය දැඩි ලෙස තමන්ගෙ හැගීම් උපද්දවන දෙවල් වලට නිරාවරණය වෙනවා, විශේෂෙන් බටහිර සමාජයට නිරාවරණය වෙන පෙරදිග සමාජය අතර 'අරකි කොටට ඇඳල බලපංකො', 'අරුන් දෙන්න ජිංකි ජිකාලු' 'අරුන්ගෙ ගාය බලපංකො' ආදී වශයෙන් සෙක්ස් ඇරියස් එහෙක ඉන්නෙ. අපෙ මිනිස්සුන්ට හැගීම් ඇවිස්සෙනව නමුත් යටපත් කරන් ඉදල ඉතාම නිර්ධය ක්‍රමයට පිටකරනවා. මිනිස්සු උනහම ශිෂ්ට විය යුතුයි නමුත් අශිෂ්ටත්වය නැති කරල ශිෂ්ට වෙන්න බෑ කියන එක තෙරුම් ගන්න ඔනෙ, ඒවගේම මිනිස්සු ලෞකික සහ ආධ්‍යාත්මයද පටලවගන ඉන්නෙ. මිනිස්සු සල්ලි එක්ක හරි තරහයි, හැබැයි සල්ලි වලට හරි ආසයි, ඒක යටපත් කරන් සල්ලි අම්මො නරක දෙයක් වගෙ හැසිරෙනවා. ලිංගිකත්වයත් එහෙමයි, ගැනු බයයි තමන්ගෙ අභ්‍යන්තරයෙන් එන වල්කමට මතුවෙන්න දෙන්න, පිරිමි බයයි ඒක ගෑනිට කියන්න , පිරිමි බයයි ගෑනිගෙන් අරක කරමු මේක කරමු කියන්න. පිරිමි කරන්න ආස ඒවා හොරෙන් බලනවා, ගෑනු ආස ඒවා ගෑනු හොරෙන් බලනවා. මිනිස්සුන්ට ඇත්තටම පිස්සු.
අපෙ මිනිස්සුන්ගෙ හැගීම් වල ගලායාම වේල්ලක් බැඳල වගෙ වහල තියෙන්නෙ. මානසික පීඩනය මිනිස්සුන්ගෙ එන්න එන්න වැඩි වෙන්නෙ මේ නිසා. මොකද මේ රටේ සමස්ත සමාජය අතට පෝන් එක ඇවිත් තියනවා, ඉතාම සාම්ප්‍රදායික මිනිස්සුන්ට පවා මේ පොන් එකෙන් හැගීම් අවුස්සන දේවල් දකින්න පුලුවන්, නමුත් මොකද්ද එයාල කරන්නෙ? යටපත් කරනවා. අන්තිමට මානසික පීඩනය, කොයිවෙලෙත් තරහෙන්, අනෙකා එක්ක වෛරෙන්, අනෙකාට ගරහනවා බනිනවා ඇනුම් පද. එනිසා තෙරුම් ගන්න මම කතාවලින් ආමන්ත්‍රණය කරන්නෙ ඒ වේලි වලට, මිනිස්සු ඇතුලෙ තියන අසහනයට පිටවෙන්නයි මම මගෙ කතාවක ගලායෑම සකස් කරන්නෙ. මගෙ කතාවල 'කලාව' එයයි. එනිසා තව ටිකක් සබුද්ධික වෙන්න බලන්න, එතකොට මගෙ කතාවල හරය සහ රසය හමුවෙයි. මේව හුදෙක් 'හැමනෙන කතා' නෙවෙ.
මම බිනොන්.
Comments
Post a Comment