ඩයරිය - 2 (27/08/25)



ඩයරිය, මාව කියවන අය දන්නවා මම ඩයරිය ලියන්නෙ කතා වලින් වගේම අදහස් වලින් කියවන ඔයාලට සමීප වෙන්න කියලා. ඇත්තටම මම හිතුවටත් වඩා ලොකු පිරිසක් මගෙ මේ කතා කියවන්න එකතුවෙලා සහ එකතුවෙමින් ඉන්නවා කියල මට තේරෙනවා. ඒක ලොකූ ෆෑන් බේස් එකක් නොවුනත් තුන් හාරදාහක් වගෙ සැලකිය යුතු බේස් එකක්. ඒගැන මට සතුටුයි සහ ස්තුතියි. අද කතාබහට යන්නත් මම යොදාගන්නෙ මගේ පේජ් එකට එවල තිබ්බ ලස්සන අදහසක්. ඒ තමයි,

"ඔයා පොතක් ලියන්නකො"

"ඇත්තටම ඔයා කියවන කෙනාට හුඟක් සමීප වෙන්න කතාව කියනවා(ලියනවා)"

"හරියට නිකන් අපි කතාව ඇතුළෙ ජීවත් වෙනවා වගේ"

"ඔයා මේ කතා ඔක්කොම දාල පොතක් ලිඋවොත්, මම අනිවාරෙන්ම ඒක ගන්නවා. එතකොට ඒ පොත ළඟ තියාගන මට හැමදාම කියවන්න පුලුවන්"

"මායි හබීයි අපි දෙන්නම කියවනවා"

ඒ තමයි මම කතා ලියලා ලබන තෘප්තිය, මිනිස්සුන්ගෙ අදහස් අහන්න මම හරි ආසයි, මං හිතනවා ලියන්නෙක් විදියට ඒක තමයි අපේ වත්කම වෙන්නෙ කියලා. පාසල් කාලෙ ඉඳන් ලියන්න සහ කියවන්න කැමති මනුස්සයෙක් විදියට, මට ඒක තෘප්තියක්. මම කියවන මිනිස්සුන්ට හරි කැමතියි. හැබැයි ඔයත් මමත් දන්නවා මම ලියන්නෙ සාමාන්‍ය විදියෙ කතා නෙවෙ, ඒවා අපි සරල භාෂාවෙන් හැඳින්වුවොත් 'වල් කතා'. මම ඔයාලට කිඋවනෙ කොහොමද මම මේවා ලියන්න පටන් ගත්තෙ කියලා, අද මම ඒකටම තව ටිකක් එකතු කරන්නම්, මට මේ වගේ කතා කියවන්න මුලින්ම හම්බුනේත් ඔයාලට වගේම ෆේස්බුක් එකෙන්, හොඳට බැලුවොත් අපි දන්නවා ෆේස්බුක් එකෙ වෙනම සමාජ කවයන් තියනවා 'ලිංගිකත්වය' පදනම් වෙච්ච. ඒ කියන්නෙ විවධාකාරෙ ඒවා, මම ඒවා මෙතන නම් කරන්නෙ නැ, ඒවා හොඳද නරකද කියල මම කියන්නෙත් නැහැ. ඔයාල අහල ඇති අපි රටක් විදියට 'ලිංගිකත්වය-Sex' කියන වචනෙ Google කරලම ලෝකෙන්ම 1 වුන රටක්. අපේ මිනිස්සු ඕක කියල හිනාවෙනවා, සමහරු ලැජ්ජ වෙනවා, සමහරුන්ට මේ ගැන අදහසක්වත් නෑ. මට මේ ගැන තියෙන්නෙ වෙනම අදහසක්. ඒ තමයි ඔව්, අපේ මිනිස්සු සෙක්ස් වචනෙ ගූගල් එකෙ හොයලා ලෝකෙන්ම එක වෙන එක අවුල් තමයි, නමුත් මම දකින විදිහට ඒකට හේතුවම ජාතියක් විදියට අපේ ජීවිත වල යථාර්තය නීරස, අතෘප්තිමත් එකක් වෙලා තියන එක. අපේ මිනිස්සුන්ගෙ විවාහ ජීවිතයේ ගැටලු, සහකරුවන් අතර ඇති දුරස් වීම්, හෝ ලිංගික අධ්‍යාපනයේ අඩුකම නිසා අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ තෘප්තිය සොයා අන්තර්ජාලයට යොමු වෙන්න.

කෙනෙක්ට මම මේ ඩයරියේ ලියන අදහස් සහ මම ලියන කතා අතර ගැටීමක් එන්න පුලුවන්, මට ඒකට කියන්න තියෙන්නේ: කතා එහෙම නැත්තන් මනංකල්පිත(Fantasy) සහ යථාර්ථය (Reality) අතර වෙනස මුලින්ම තේරුම් අරගන ඉන්න එහෙනම්. යථාර්තය කියන්නෙ අපට ඇත්තටම අත්විඳින්නට, ස්පර්ශ කරන්නට, සහ විශ්වාස කරන්නට පුළුවන්, පවතින සැබෑ ලෝකය. ෆැන්ටසිය කියන්නෙ මනසින් නිර්මාණය කරන ලද, සැබෑ ලෝකයේ නොපවතින දේවල්. මේවා බොහෝ විට සිහින, කතන්දර, හෝ චිත්‍රපට වැනි දේවලින් දකින්නට ලැබෙන, අපේ පරිකල්පනයෙන් නිර්මාණය කරන ලද ලෝකයන්. එතකොට ඔයාල මගේ කතා කියවනකොට එවා විඳින්නෙ කොහොමද, සෙක්ස් කරනවා කියන්නෙ මොකද්ද එතකොට?

සෙක්ස් කරනවා කියන එක යථාර්ථයක්. ඒක ඇත්තටම සිදුවන, ශාරීරිකව සහ මානසිකව අත්දකින්න පුළුවන් දෙයක්.නමුත්, "විඳිනවා" කියන එකේදී, සමහර විට ඒකට ෆැන්ටසි (පරිකල්පනය) එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සෙක්ස් කරන විට, යම් යම් දේවල් ගැන හිතන එක, නොයෙකුත් ෆැන්ටසි මවාගන්න එක, ඒ අත්දැකීම තවත් සුන්දර කරගන්න උදව් වෙනවා.

සරලව කිව්වොත්, සෙක්ස් කරන ක්‍රියාව යථාර්ථයක්. ඒක කරන ගමන් ඔළුවට එන ෆැන්ටසි, ඒ අත්දැකීම වැඩි දියුණු කරන්න හරබර රසවත් කරන්න යොදාගන්න පරිකල්පනීය කොටසක්. ඒ නිසයි මට ලැබුණ අර ඉල්ලීම හරි ලස්සන අදහසක් කියලා හිතුනෙ. මොකද එයා පොතක් ඉල්ලන්නේ අර ශාරීරිකව කරන, එහෙම නැත්තන් අපි දන්නව අපි මිනිස් සතුන් විදියට ශාරීරිකව සෙක්ස් කරනවා කියලා කරන්නෙ එකම දෙවල් ටිකක්, එකම දේවල් ටික එකම විදියට හැමදාම කරන එක පට්ට කම්මැලි දෙයක් කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා. ඉතින් අපේ ඒකාකාරී ජීවිතය ජීවන රටාව තෘප්තිමත් කරගන්න රසවත් කරගන්න අපි හැමෝටම ඕන මොනාද? ෆැන්ටසිය. යථාර්ථය අපට අපේ පය පොළොවේ තියාගෙන ඉන්න උදව් කරනවා. ෆැන්ටසිය අපිට සිහින දකින්න, නිර්මාණශීලී වෙන්න, සහ ජීවිතය විඳින්න අවස්ථාව දෙනවා.

ඉතින් යථාර්ථය හොඳට තේරුම් ගෙන, ඒ තුළ ෆැන්ටසියට යම් ඉඩක් දීමෙන් නිරෝගී සහ සාරවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා.

අදට නවතින්නම්.

චායාරූපය Randima Pabasari ගෙ පිටුවෙන්.

ස්තූතියි.

Comments