කතා වගේම මගේ අදහස්, සිතිවිලි සහ මගේ දර්ශනයන් ගැනත් ලියන්න හිතුවා. හිතනවා ඊයෙ කතාව (කාමගින්න 04) බොහෝ දෙනා කියවන්න ඇති කියලා. මගේ කතා කියවන අය මම දන්නවා විවිධාකාර හැගීම්, ආශාවන්, සිතිවිලි තියන අය කියලා. ඉතින් කතාවක් පුද්ගලයෙක් රසවිඳින විදිය බොහො වෙලාවට එකිනෙකාට වෙනස් සහ ආවේණිකයි. අපි දන්න දෙයක් තමයි අපේ ඇගිලි සලකුණු එකිනෙකට වෙනස් කියන එකයි, ඉතින් ඒවගේ එකිනෙකට වෙනස් දෙයක් තමයි අපේ සිත කියන්නෙත්.
ම්ම දන්නව මගේ කතා කියවන අයට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි, "කොහොමද මේ මනුස්සයා මේවා ලියන්නෙ? මේකා අසහනකාරයෙක් ද? මේකා ඇත්තටම මේවා කරනවද? මේවා ඇත්තද?" මම මේකට සමහරුන්ට සිල්ලර උත්තරයක් විදියට කියල තියනවා මෙහෙම,
"ඒ මගේ වල්කම" කියලා.
නමුත් ඇත්තම කතාව, ඒ මගේ 'පරිකල්පනය'. පරිකල්පනය (Imagination) කියන්නේ අපේ මනසට අලුත් අදහස්, රූප, සංකල්ප හෝ දේවල් නිර්මාණය කිරීමේ හැකියාවටයි. මේවා අපේ ඇස්වලට නොපෙනෙන, කන්වලට නොඇසෙන, එනම් ඇත්තටම අප ඉදිරියේ නොතිබිය හැකි දේවල් වෙන්න පුළුවන්. රචකයෙක්ගෙ, නිර්මාපකයෙක්ගෙ, නව නිපැයුම් කරුවෙක්ගෙ ප්‍රධානම හැකියාවන්ගෙන් එකක් විදියට අදුනගන්නෙ මේ කියන පරිකල්පන ශක්තිය. අපි මේ පෘතිවි තලයෙන් විශේෂ සත්ව කොට්ඨාසය වෙන්නෙත් මිනිස්සු විදියට අපි තියන මේ පරිකල්පන ශක්තිය නිසා.
ඉතින් ඔබේ පරිකල්පනයට මගෙන් ලැබෙන උත්තේජනය තමයි මම ලියන කතාව. මම කතාවක් එක්ක කතාවෙ කතෘ විදියට ඔබගෙ සිතට එන්නේ ලිංගිකත්වය කැටි කරගන. ඔබට පුලුවන් මගේ කතාවෙ ඔබට කැමති ඔබට ආස හිතෙන චරිතයක් ඔබගේ කරගන්න ඒ ඔබ වූවා නම් යැයි සිතන්න, ඒ චරිතය ඔබ වන්න. ඔබ යතාර්තයෙ ඉන්න ලෝකයෙන් මිදිලා, මගේ ලෝකයට එන්න මගේ ලෝකයෙ ඇවිද යන්න කතාවක් විඳිනවා කියන්නේ ඒකට. කතෘ විදියට මාව ඔබට ඒ ලෝකයෙ ඕනම චරිතෙකින් මුණ ගැහෙන්න පුලුවන්.
ඒ වගේම ඔබට පුලුවන්, කතාවක් නරඹන්න. සිදුවෙන සිදුවීම් දිහා පරිකල්පනයෙන් නරබන්න. ලිංගිකත්වය කොයිතරම් වේගයෙන් පැතිරෙනවාද බලන්න. ඔව්, මගේ කතාවල පදනම ලිංගිකත්වය. ලංකාව වගේ සමාජ වල ලිංගිකත්වය ඉතාමත් අසම්මත තැනක පිහිටවා තිබෙනවා. අපි මානසිකව බැමි, තාප්ප බැඳගන අපේ ලිංගිකත්වය නවත්වා තිබෙනවා. ඒක බොහො වෙලාවට මානසික පීඩනයක් බවට පෙරලෙනවා. ඉතින් මම හිතනවා, මගේ කතාවකට පුලුවන් ඔබේ ඔය සිරවුන සිතිවිලි, ආශාවන්, මානසිකව ඉදි වී ඇති තාප්ප බැමි බිඳගන මානසිකව නිදහස් තැනකට ඔබව රැගෙන යන්න. ලිංගිකත්වය, පරිකල්පනය සහ සතුට තමයි මම මගේ නිර්මාණ වලින් මම ඔබට තෑගි කරන්න උත්සහ කරන්නෙ. මට මේවා ලිඋව කියල ලැබෙන දෙයක් නෑ, ඔබට අවැසිනම් මා සමග මගේ ලෝකයේ සැරිසරන්න, එන්න කියවන්න.
ඉතින් නරඹනවාද රසවිඳිනවාද මේ සෑම දෙයක්ම තේරීමක්, ඒ තෝරාගැනීම ඔබ සතුයි.
මගේ ෆේස්බුක් ගිණුමට>>>>>>>>
https://www.facebook.com/binon.perera.ii
11.06.25
බිනෝන්.
#binongekatha #sinhalawalkatha #walkatha #welakatha #sinhala #srilanka
Comments
Post a Comment